චන්දිම ජයවික්‍රම — ‘වර්චූසා’ ජේෂ්ඨ උපදේශක

මා ඉගෙනුම ලැබුවේ ආනන්ද විදුහලේ වන අතර, උසස් පෙළ සඳහා මා තෝරාගත් ප්‍රධාන මාධ්‍යය වූයේ වාණිජ්‍යයයි. නමුත් මා වාණිජ්‍යය විෂයයන් වලට අකැමැති බවත්, මාගේ අනාගතයට වැරදි ගමන්මඟක් තෝරාගත් බව වටහාගත් විට ප්‍රමාද වැඩිය. 2007 දී මාගේ උසස් පෙළ විභාගයට අනතුරුව, වාණිජ්‍යය ක්ෂේත්‍රයේ බොහෝ සිසුන් මෙන් මාද සිමා (CIMA) සමඟ ලියාපදිංචි වූ නමුත් එයද, මාගේ ජීවිතයේ තවත් වැරදීමක් බව පෙනුනේ මා පාඩම්කිරීමට කොහෙත්ම කැමැති නැති බැවිනි. මාස කිහිපයකට පසු, මාගේ මිතුරෙකුගෙ මාර්ගයෙන් මට ස්ලීට් (SLIIT) ආයතනයේ නවතම තොරතුරු තාක්‍ෂණයේ විද්‍යාවේදී උපාධිය ගැන දැනගත්තෙමි. මාගේ ජීවිතේ පළමු වතාවට අධ්‍යාපනය වෙත උද්යෝගයක් හටගත්තේය! එලෙසම මට සැනෙකින් මතක්වුවේ මා පරිඝනක හා තාක්‍ෂණයට ප්‍රියකළ බවයි. අන් යෞවනයන් මෙන් නොව, මා ක්‍රීඩා වලට නොව නොයෙකුත් මෘදුකාංග නිෂ්පාදන අත්හදාබැලීමට කැමැත්තක් දැක්වුවෙමි. මෙවැනි නිෂ්පාදන භාවිතාව මට ඉක්මනින් ඉගෙනගැනීමට හැකිවූ නමුත් එය වෘත්තියක් බවට පත් කිරීමට සිතුනේ නැත. ඒ නිසා බලාපොරොත්තු රැසක් සමඟ මා 2008 වසරේ දී ස්ලීට් ආයතනයට බැඳුනේ, මගේ වාණිජ අධ්‍යාපනයට නැවතීමේ ලකුණ තබාය.

ස්ලීට් ආයතනය මට නවක ජීවිතයක් වුනු අතර එහි විෂයයන් ඇත්තෙන්ම රසවත් හා අභියෝගාත්මක විය. සිසුන් බහුතරයක් ගණිත අංශයෙන් සිට නිසා මුලින් මම වදවූ නමුත් එය ගැටළුවක් නොවන බව අවබෝධ කරගැනීමට එතරම් කාලයක් ගත වූයේ නැත. තාක්‍ෂණය වෙත තිබූ මාගේ දැඩි ආශාව හා නිතිපතා මා ඉගෙනගත් දේ පුහුණු වීමට තිබූ උද්‍යෝගය නිසා, එම විභාග වලින් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට සමත් වූවෙමි. ගණිතක්‍රම නිර්මාණය, ජාලකරණය, පරිඝණක මත ගැඹුරු අධ්‍යයනය හා විද්‍යාගාර සැසිවාරයන්, මාහට අසමසම විය. පළමු වසර අවසානයේදී මාගේ දෙමාපියන්ද, මාද මවිතයට පත් කරමින්, 3.8ක දළ ශ්‍රේණි සම්මතයක් (GPA) ලබාගත්තෙමි. මාගේ අභිලාෂය වූයේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වීම නිසා, පරිඝණක ක්‍රමලේඛනය (Programming) හැදෑරීමට වැඩි කාලයක් යෙදෙව් අතර, නිවාඩු කාලයේ පවා මට්ටමේ ජාවා ක්‍රමලේඛක ‘සන්’ සහතිකය ලබාගත්තෙමි. දෙවෙනි වසරේදී, ශ්‍රී ලංකාවේ මෘදුකාංග සමාගම් අතුරින් ප්‍රමුඛ පෙළේ නායකත්වයක් දරන ‘වර්චූසා’ විසින් ඉදිරිපත් කෙරුණු ශිෂ්‍යත්ව වැඩසටහනක් පිලිබඳ ස්ලීට් ආයතනය අප දැනුවත් කළේය. 3.5ක GPA ලබාගත් සිසුන් මෙම වැඩසටහනට සුදුසුකම් ලැබූ අතර තෝරා ගැනුනේ ඉන් 19 දෙනෙක් පමණි; මාද එම කණ්ඩායමට ඇතුල්වීමට වාසනාව ලැබුවෙමි.

මාස කිහිපයක පුහුණුවෙන් පසු, ‘වර්චූසා’ අපගේ කණ්ඩායම සැබෑ ව්‍යාපෘති නිර්මාණ සඳහා වෙන් කළ බැවින්, නව වගකීම් සහිත අපේ ජීවිත තවත් අභියෝගාත්මක විය. මා වැනි උපාධි අපේක්ෂකයෙකු සඳහා, පුහුණු මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස වැඩකරන අතර, ඉගෙනගන්නා දේ එසැනින් අත්හදාබැලීමට දුන් අවස්ථාව ඉමහත්ය. ක්ෂේත්‍රය තුළ සිටීම නිසා නව විෂයයන් ඉගෙනගැනීමට පහසුවූ අතරම, එතුලින් මට පරිපූර්ණ ලකුණු, එනම් 4.0ක GPA ද, ‘ස්ලීට්’ ආයතනයේ ශිෂ්‍යත්වක්ද උපයා ගැනීමට උපකාරී විය. මාගේ අවසන් වසර වූ 2010 මුල් භාගයේදී මා ගෝලීය තාක්‍ෂණ කාර්යාලය (GTO), එනම් ‘වර්චූසා’ හි පර්යේෂණ හා සංවර්ධන උප අංශයට තෝරාගැනුනි. එය සුවිශේෂී සංවිධානාත්මක කණ්ඩායමක් වූ අතර, එහි නායකත්වය නිතරම මාගේ අධ්‍යාපනය හා වෘත්තීය යන අංශ දෙකටම ඉතා දායක වූහ. GTO සිටියදී මට තවත් වගකීම් රැසක් ලැබුණු නමුත් ජීවිතයෙන් අධික මිලක් ගෙවීමට සිදුවිය: එනම් අවසන් වසරේ ව්‍යාපෘතිය කරද්දී කණ්ඩායමෙන් බොහෝ සාමාජිකයන් නොසිටීම, පැවරුම් හා අවසන් විභාග වැනි දේය. මාස කිහිපයක් මුළුල්ලේ පැය 2-3ක නින්දක් ලැබීම නිසා වැඩපලේ දීර්ඝ කාලයන් ගතකිරීම හා සදාකාලික විභාග නිසා මානසික ආතතියක් පහළවිය. මම එය මගේ අධ්‍යාපනයේ උච්චතම අවස්ථාව බව තේරුම්ගත් විට, මාගේ පවුලේ සහාය ඇතිව සියළු දේට මුහුණ දීමට හැකි විය. වැඩපලේ හා අධ්‍යයන කටයුතු යන අංශ දෙකම ඉතා හොඳින් කිරීමට සමත් වූවෙමි. අවසන් වශයෙන්, ඉමහත් උත්සාහයකින් පසු, මාහට ස්ලීට් ආයතනයෙන් පළමු පන්තියේ උපාධියක්ද, ‘වර්චූසා’ හි ශිෂ්‍යත්වයක් සමඟ ඉංජිනේරුවරයෙකු ලෙස ප්‍රවර්ධනයක්ද පිරිනැමුණි. මට තව දුරටත් ලැබීමට අවශ්‍ය කිසිත් නොතිබුණි.

මාගේ අධ්‍යයන ක්ෂේත්‍රයේ වෙනසක් කිරීමට මගේ ලොකුම තීරණය ගෙන, එය දැන් නිවැරදි බව සනාථ වීමට ගත වූයේ වසර 3ක් පමණි. අද, මා 28 වියේ පසුවෙද්දී මා ශීඝ්‍රයෙන් වර්ධනය වන ජාත්‍යන්තර සමාගමක ජේෂ්ඨ උපදේශකයෙක් ලෙස කටයුතු කරන අතර මා සදහටම මාගේ පවුලේ සාමාජිකයන්ටත් ස්ලීට් ආයතනයටත් එම ස්ථානය කරා මා ගෙන්වූ නිසා සදහටම කෘතඥවෙමි.

වැඩිදුර කියවන්න

ජාලිය උඩගෙදර — වටිනාම වෘත්තිකයා (MVP) / තාක්ෂණික නායක

මා මුලින් පැමිණියේ මහනුවරීන්ය, ඉගෙනුම ලැබුවේ කිංස්වුඩ් විදුහලේය. මා 2005දී උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ගණිත අංශයෙනි. එහි ප්‍රතිඵල එතරම් හොඳ නැත; මා සිතන පරිදී කොහෙත්ම හොඳ නැත. 2006දී නැවතත් එම විෂයන් කලද ප්‍රතිඵල එලෙසම විය.

පසුව 2006 වසරේ අවසන් කාලයේ මා විද්‍යාවේදී උපාධිය (තොරතුරු තාක්‍ෂණ) සාමාන්‍ය {B.Sc. (IT) General Degree} සහිත ස්ලීට් ආයතනයේ දැන්වීමක් දුටුවෙමි. එවිට මා දැන සිටි අන්දමට ස්ලීට් නම් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත්වීමට අසමත් සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් දුන් ආයතනයක් ලෙස පමණි. අප මධ්‍යම පංතියේ පවුලක් වූවත්, මූල්‍ය දුෂ්කරතා නොතකා මාගේ දෙමාපියන් මා ස්ලීට් ආයතනයට අයැදුම් කරන ලෙස දිරිගැන්වුවෝය. ඉතින් මා අයැදුම් කර, පිවිසුම් මට්ටම් විභාගයට පෙනීසිට, සමත් වූවෙමි. එය, දරුණු වසර කිහිපයකට පසු මා සමත්වූ ප්‍රථම විභාගයයි.

මා ස්ලීට් ආයතනයට එක්වුනේ එලෙසයි. පාසැල්විය හා සසඳද්දී එය සම්පුර්ණයෙන්ම නව අත්දැකීමක් විය. රට පුරා වෙසෙන සිසුන් බොහොමයක් ඇසුරුකිරීමට ඉඩප්‍රස්ථාවක් ලැබුණි. අපට දිනපතා දේශන පැවති අතර ආචාර්යවරුන් ඉතා සුහද, උපකාරශීලී විය. අප දිනපතා අළුත් දේවල් ඉගෙනගත් නිසා කවදාවත් කම්මැලි යැයි සිතුනේ නැත. මා නොවරදවා සෑම දේශනයකටම සහභාගී වූබව කිව නොහැකි වූවත්, කිසි විෂයයක් නැවත කිරීමට අවශ්‍ය නොවීය.

මා සලීට් ආයතනයට බැඳුනු විට, ක්‍රමලේඛන භාෂාව (Programming) යනු කුමක්දැයි නොදැන සිටියෙමි. මා මුල් අවදියේදී එයට ද්වේශ කළ නමුත්, කල්යාමත් සමඟ එයට ඇලුම්කලෙමි. අපගේ 3වෙනි වසරේදී අපට වසර මුළුල්ලේ පර්යේෂණ ව්‍යාපෘතියක් තිබුණු අතර මා ක්‍රමලේඛන භාෂාවේ නියම අලංකාරය දුටුවේ මේ අවස්ථාවේදීය. මාගේ උපාධිය සාර්ථකව නිමකිරීමට හැකිවූ අතර, සලීට් ආයතනයේ මගේ අවසන් දින සිට සතියකට පසු, මාහට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මෘදුකාංග සංවර්ධන සමාගම් අතරින් එකක ආධුනිකයෙකු ලෙස බැඳීමට අවස්ථාවක් උදාවිය.

මේ වනවිට, මා ඕස්ට්රේලියානු මෘදුකාංග සමාගමක තාක්ෂණික නායකයා ලෙස කටයුතු කරන අතර මා ද මයික්‍රෝසොෆ්ට් සමාගමේ වටිනාම වෘත්තිකයන්ගෙන් එක්කෙනෙක් වෙමි. එනම්, දැඩි උනන්දුවකින් ප්‍රජාව සමග තමන්ගේ දැනුම බෙදා හදා ගන්නා තාක්‍ෂණික අංශයේ විශේෂඥයන්ට මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් ලබාදෙන සම්මානයයි.

මා සලීට් ආයතනයට බැඳුනේ නැත්නම්, අද මා කරනවා ඇත්තේ කුමක්දැයි සිතීමට අමාරුය. අද, මා කරන දේ කරන්නේ ඉමහත් අශාවකින්ය; මා සිතන විධියට මෙය යම් කෙනෙකුගේ ජීවිතයට ලබාගතහැකි උතුම්ම දායාදයකි. මා මේ මඟ යාමට පටන්ගත්තේ මුල සිටිය, මා දැන් කරන කිසිම දෙයක් පිලිබඳ කිසිම අවබෝධයක් නැතුවය. මා තදින් විශ්වාස කරන්නේ සලීට් ආයතනය හා මාගේ ආචාර්යවරුන් මා වර්තමානයේ සිටින ස්ථානයට ගෙනා බවය. මා සදහටම ඔවුන්ට කෘතඥ වෙමි.

වැඩිදුර කියවන්න

“විවිධත්වයට බිය නොවන්න, එය වැළඳගන්න” — මාගේ ගමනේ සැඟවුණු සත්‍යය — සසංග ගුණතිලක

කලාවේ නොයෙකුත් අංග වලට දැඩි උනන්දුවක් දැක්වූ තරුණයෙක් වශයෙන් මා වසර ගණනාවක් තිස්සේ මාගේ ආශාවන් වලට මාගේ ගමන්මඟද යොමුකරන්න තැත් කළෙමි. මාගේ ප්‍රාථමික උපාධිය ලබාගත් අවස්ථාවේදී විවිධ නූතන බහුමාධ්‍ය වේදිකා දෙස බොහෝ මාන තුළින් බැලීමට වාසනාව ලැබීමි. අපගේ නිර්මාණශීලීභාවය මුවහත් කිරීමටත්, සාමාන්‍ය දේවලට හෝ කොටුවෙන් පිට සිතීමටත් අපට අවස්ථාවක් ලැබී ඇත.

සලීට් ආයතනයේදී සිටි කාලය තුළ, එහි දේශනාගාර වල ලැබූ සාමාන්‍ය අධ්‍යාපනයට පමණක් සීමා නොවීය. එහිදී අපගේ ජීවත වලට පුදුම ජවයක් හා පෞරුෂත්වයක් එකතුවිය. අපට නායකයන් ලෙස අපගේ පෞරුෂත්වය වර්ධනය කිරීමට හා වගකීම් භාරගැනීමටත්, අපගේ ජීවිතය සාර්ථක කරගැනීමට ඉලක්ක හා අරමුණු ඉටුකරගනීමටත් මෙම ආයතනය අපට වේදිකාව නිර්මාණය කරදී ඇත. පෞද්ගලිකව, මම සලීට් ආයතනයේ ගණනය අන්තර් සමාජ උප සභාපති (2011) සහ ජනාධිපති (2012) යන තනතුරු දෙකම පවත්වා ඇත. එලෙසම අපේ කාලය තුළ අපි ස්ලීට් ආයතනය විසින් පවත්වන විශාලතම සිදුවීම් (අලුත් අවුරුදු උත්සවය 2011, කුසලතා ප්‍රදර්ශනය 2012, බහුමාධ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශන උත්සවය 2012 ඇතුළුව) සංවිධානය කර ඇත.

සමස්තයක් වශයෙන් ගත්විට, අමතක නොවන වසර තුනකට පසුව, SLIIT ආයතනයේ මට අනාගතය සඳහා මුහුණ දීමට අවශ්‍ය කාලීන දැනුම, විශ්වාසය හා ඉතා මිහිරි මතකයන් මිසක් වෙන කිසිවක් ඉතිරි කර නැත.

අද, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දී සහකාර අධ්‍යක්‍ෂක ලෙසත්, මම ශ්‍රී ලංකා සංචාරක සමාජ මාධ්‍ය ව්‍යාපාරයේ හා අනෙකුත් ඩිජිටල් ප්‍රවර්ධන වල පුරෝගාමීයා ලෙසත් කටයුතු කරන්නෙමි.

වැඩිදුර කියවන්න

ඉෂාරා වික්‍රමසිංහ

මාගේ ප්‍රථම උපාධිය ලැබීමට හැදෑරුවේ සලීට් කම්පියුටින් හිදීය. බෙඩ්ෆ්ර්ඩ්ශයර් විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කෙරුණු පරිඝණක විද්‍යා හා මෘදුකාංග ඉංජිනේරු BSc වැඩසටහන මගේ වෘත්තීය අපේක්‍ෂාවන්ට බොහෝසේ ගැලපුණි. තවද, මා ඒ වන විට මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතවී සිටි නිසා ස්ලීට් කම්පියුටින් විසින් මා හා සමාන අවශ්‍යතා තිබී තවත් බොහෝ සිසුන් උදෙසා මෙම වැඩසටහන අර්ධ කාලීන පදනම මත, අපට ඉතා පහසුවෙන් සම්පූර්ණ කිරීම සඳහා පැවැත්වීමට තරම් කාරුණික විය.

ස්ලීට් කම්පියුටින්හී අධ්‍යාපනය ලැබීමේ එක් සැලකිය යුතු වරප්‍රසාදයක් නම් එහි විෂය නිර්දේශයන් කිසිදිනක යල් පැන නොයන බවයි. ආචාර්‍යවරුන් සෑම විටම ක්‍ෂේත්‍රයේ නවතම යාවත්කාලීනයන් වැඩසටහනට හඳුන්වාදීමට වගබලාගනිති. එබැවින් ඔබ උපාධිය ලබා ඔබේ වෘත්තියට ගෙනයන යමක් ඇත්ද, එය සෑමවිටම ප්‍රායෝගික හා යෝග්‍ය වේ.

අර්ධකාලීන ශිෂ්‍යයෙක් වශයෙන් මට කිසිදිනක අඩුවක් දැනුනේ නැත. සතිය පුරා ඔවුන් හමු වීමට අපට නොහැකි වූවත්, ආචාර්‍යවරුන් අප ඉගෙනගත් සියළුදේ ප්‍රමාණවත් ලෙස පැහැදිලිකිරීමට වගබලාගත්තෝය. ඇත්ත වශයෙන්ම, අපට සැකයක් උදාවූවිට අපි ඔවුන්ට ඇමතූ කාලය නොතකා අපට උදව් කිරීමට පසුබට වුණේ නැත. අපට අවශ්‍ය වූවිට පරිඝණක විද්‍යාගාර හා සියලු පහසුකම් වලට ඕනෑම පැයක දී ප්‍රවේශ වීමට ඉඩප්‍රස්තාව සලසා තිබුණි.

අධ්‍යයනය සැබවින්ම විනෝදාත්මක වූ අතර, අපගේ අත්දැකීම ඉතා ආකර්ෂණීය එකක් කිරීමට විවිධ බාහිර ක්‍රියාකාරකම්ද සලසා දී තිබුණි. ස්ලීට් කම්පියුටින්හී ‘ජීවන ක්‍රමය’ වන්නේ නව හමුවීම් හා ජීවිතගමන පුරා රැඳෙන මිතුරන් ඇතිකිරීමයි.

මම ලෝක ප්‍රසිද්ධ වැඩසටහනක ‘කණ්ඩායම් නායක’ බවට පත්වීමට තරම් වාසනාවන්ත වූ අතර එය සැබවින්ම මගේ වෘත්තීය ජීවිතය ඉහළනැංවීමට තුඩුදුනි. දැනට මම නවසීලන්තයේ ඕක්ලන්ඩ්හී, ‘ඉන්වෙන්කෝ’ (Invenco) නමැති ගෝලීය ස්වයංසේවා ගෙවීම් විසඳුම් සපයන සමූහ සමාගම සඳහා, වෙබ් අඩවි විකාශකයෙකු (Frontend Developer) ලෙස කටයුතු කරන්නෙමි

වැඩිදුර කියවන්න

තිලිණ විජේවර්ධන

මාගේ ජීවිතයේ එකම දර්ශනය වන්නේ ඉතාම කෙටි කාලයකින් උසස්ම තැනට ළඟාවීම වන අතර ස්ලිට් උපාධි පාඨමාලාවට සහභාගි වීමෙන් එය මනාව ඉටු කර ගැනීමට මට හැකි විය. 2013 දී මා‍ගේ වෘත්තීමය ජීවිතය ආරම්භ කරන ලද අතර දියුණුවේ හිණිමගට වසරෙන් වසර පියවර තැබීමට හැකි වූයේ ස්ලිට් ආයතනයෙන් ලද මනා හික්මවීම බවට මට සැකයක් නැත. මගේ ජීවිතයේ මා සැබවින්ම විශ්වාස කරන හොඳම ජීවිත පාඩම නම් ඔබට හොඳම දේ තීරණය කිරීමට කිසිම විටෙක ප්‍රමාද නොමැති සේම ඔබගේ ජීවිතයේ වැටීම් වලින් ඔබට සාර්ථක අනාගතයකට පන්නරය ලැබෙනු ඇත. ඔබගේ දෛවය ඔබටම තීරණය කළ හැකි අතර නිවැරදි තීරණය නිවැරදි මොහොතේ ගැනීමට තරම් ඔබ බුද්ධිමත් වූ විට ඔබගේ කකුලෙන් ඇදීමට කිසිවෙකුට නොහැකිය.

මට හිතෙන ආකාරයට අවස්ථාවන් එළඹෙන්නේ පිරිනැමීමට කිසිවෙකු නැති කෑම වේලක් විලසය. ‍එය ඔබගේ වටිනාම අවස්ථාව කර ගන්න දෙවරක් නොහිතන්න. ඔබගේ සාර්ථකත්වය පදනම් වන්නේ ඔබ ඔබට සැළකීමට ඇති නොනවතින ආශාව බව මගේ හැඟීමයි.

වැඩිදුර කියවන්න

ෂෝන් ලී – ව්‍යාපෘති සම්බන්ධීකාරක ‍සෝන් 24×7

පාසැල් අධ්‍යාපනයෙන් පසු මා‍ගේ ප්‍රධාන පරමාරමාර්ථය වූයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙෘත්තිකයෙකු වීමයි. උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ස්ලිට් ආයතනය තෝරා ගැනීමට මා පෙළඹුනේ මගේ රැකියාව කරන අතරත්‍රරම මාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි අයුරින් කරගෙන යාමට හැකිවීමයි. දැනුම බෙදීමට පමණක් සීමා නොවුන කථාකාචාර්්‍යවරුන්ගේ නොමද සහය උපාධි පාඨමාලාව පුරාවටමමා හට ලැබුන අතර ලිඛිත අභ්‍යාසයන්ට අමතරව ප්‍ර‍ායෝගික අභ්‍යාසයන් වල නිරත වීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමට එය මහත් රුකුලක් විය. එසේම අධ්‍යාපනය ලබන කාලය පුරාවටම විෂය බාහිර ත්‍රියාකාරකම් බොහෝමයකට සහභාගි වීමට ලද අවස්ථාවෙන් මට අලුත් මිතුරු මිතුරියන් මෙන්ම සුන්දර මතකයන්ද ලැබුනි.

අද මා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ලෝක ව්‍යාප්ත තාක්ෂණ නව්‍යකරන සේවා සැපයීමේ ප්‍රමුඛයෙක් වන ‍සෝන් 24×7 හි සේවය කරන අතර තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කළමනාකරණයේ මනා සංයමය අත්විඳිමි.
වැඩිදුර කියවන්න

යශෝධරා ද සිල්වා – සම්බන්ධීකාරක උපදේශක වර්ටුසා පොලරිස්

2013 දී ස්ලිට් ආයතනයෙන් පළමු ශ්‍රේණියේ ගෞරව උපාධියක් ලද මා දැනට වර්ටුසා පොලරිස්හි සම්බන්ධීකාරක උපදේශකවරියක් ලෙස සේවය කරමි. ස්ලිට් ආයතනයේ අධ්‍යාපනය ලබන කාලය ඉතාමත් සුන්දර වූයේ ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය විශාල බරක් ලෙස කිසිම ලෙසකින් නොදැනෙන පරිදි අධ්‍යාපන කටයුතු හා විෂය බාහිර කටයුතු සමබරව පැවැත්වීමයි. කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීමට මා ලද අවස්ථාවන් බොහෝමයක් වූ අතර එය මාගේ වෘත්තීමය ජීවිතයටද මනා පිටුවහලක් විය. එසේම කථිකාචාර්්‍ය ඹණ්ඩලය දැඩි කැපවීමකින් කටයුතු කළ අතර ඕනෑම අවස්ථාවක අමතර උදවුවක්,

උපදෙසක් දීමට කාලය වැය කිරීමට කිසිවිට පසුබට නොවීය. මා ස්ලිට් ආයතනය නිර්දේශ කරන්නේ එහි ඇති පාඨමාලා සියල්ල ඉතා උසස් ප්‍රමිතීන් වලින් යුක්ත බැවිනි.

වැඩිදුර කියවන්න

ශිෂ්‍ය ප්‍රජාව

සාහිත්‍ය පුවරුව

ඉංග්‍රීසි ඒකකය විසින් ඉදිරිපත් කෙරෙන ‘ඉංග්‍රීසි මුල්ල’ දැන් 13වන මහලේ දී ස්ලීට් කම්පියුටින් ආයතනයේ තොරතුරු තාක්ෂණ සිසුන් සඳහා විවෘතවේ.

2016 ආහාර උළෙල

2016 ආහාර උළෙල - ඡායාරූප පෙළ

2016 ස්ලීට් ක්‍රිකට් සැණකෙළිය

ස්ලීට් ක්‍රිකට් සැණකෙළිය - ඡායාරූප