fbpx

තොරතුරු තාක්‍ෂණයේ පදනම් සහතිකය

යෝග්‍යතා පරීක්‍ෂණ අයැදුම්පත

බඳවාගැනීම්:
ජනවාරි / ජූනි
කාලසීමාව:
වර්ෂ 1

තොරතුරු තාක්‍ෂණ පදනම් සහතිකය (FCIT) එඩෙක්සෙල් එක්සත් රාජධානිය, ඕස්ට්රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්ව විද්‍යාලය හා එක්සත් රාජධානියේ ‘ශේෆීල්ඩ් හැලම්’ විශ්ව විද්‍යාල සමඟ එක්ව ස්ලීට් ආයතනය පරිඝණක නිර්මාණ වැඩසටහන තුළින්, විශ්ව විද්‍යාල සඳහා මුලික සුදුසුකම් ලැබීමට අසමත් සිසුන් සඳහා සුවිශේෂී පෙර විශ්ව විද්‍යාල ගමන් මාර්ගයක පාඨමාලාව හැදෑරීම හරහා එක්සත් රාජධානිය උපාධි අධ්යයන කිරීමට මාර්ගයක් විවෘත කරයි. මෙම වැඩසටහන සාර්ථක ලෙස අවසන් කිරීමෙන් ස්ලීට් ආයතනයේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා වැඩසටහනට අවනත වීමටත්, ස්ලීට් කම්පියුටින් විසින් බලයලත් විදේශ සහකාර විශ්ව විද්‍යාලය සමඟ කෙරෙන වැඩසටහන් සමඟ ඉදිරි ගමනටත් තුඩුදේ.

පාඨමාලා අන්තර්ගතය

පළමු වාරය

  • ඉංග්‍රීසි සන්නිවේදනය I
  • අධ්‍යයන ලිවීම I
  • ගණිතය I
  • පරිඝණක පද්ධති

දෙවෙනි වාරය

  • ඉංග්‍රීසි සන්නිවේදනය II
  • අධ්‍යයන ලිවීම II
  • ගණිතය II
  • ක්‍රමලේඛන සංකල්ප හා පුහුණුව

තුන්වෙනි වාරය

  • ව්‍යාපාර තොරතුරු පද්ධති
  • මෘදුකාංග සංවර්ධන යෙදුම්
  • පද්ධති විශ්ලේෂණය හා නිර්මාණ
  • දත්ත සන්නිවේදන සහ ජාල

කාලසීමාව හා පාඨමාලා ව්‍යූහය

මෙය සතියේ දිනවල ඉදිරිපත් කෙරෙන, එක් වසරක පූර්ණ කාලීන වැඩසටහනකි. මෙම වැඩසටහන සාර්ථකව නිමකරන සිසුන්ට තොරතුරු තාක්‍ෂණ උපාධියක් සම්පූර්ණ කිරීම සඳහා මඟ පාදාදීමට අවශ්‍ය තොරතුරු තාක්‍ෂණ පදනම් සහතිකය (Foundation Certificate in IT) ලැබෙනු ඇත.

පිවිසුම් අවශ්‍යතා

  • සාමාන්‍ය පෙළ (ශ්‍රී ලංකා) විභාගයේ ගණිතය හා ඉංග්‍රීසි වලට සම්මාන සාමාර්ථයන් ඇතුළු, අවම වශයෙන් විෂයයන් හයකින් (06) එකවර සමර්ථ වීම හෝ
  • සාමාන්‍ය පෙළ (බ්‍රිතාන්‍ය) විභාගයේ ගණිතය-ආශ්‍රිත විෂයකට හා ඉංග්‍රීසි වලට සම්මාන සාමාර්ථයන් ඇතුළු, අවම වශයෙන් විෂයයන් හයකින් (06) එකවර සමර්ථ වීම හා
  • ස්ලීට් ආයතනය විසින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්‍ෂණයේදී හා අනිවාර්ය ස්ථාපන පරීක්‍ෂණයේදී, ඉංග්‍රීසි හා ගණිතය විෂයයන් වලින් සමත් වීම.

යෝග්‍යතා පරීක්‍ෂණය

මෙම පරීක්ෂණය, විශ්ලේෂණ, තාර්කික හා ගණිතමය යෝග්‍යතා වලින් සමන්විතවේ. යෝග්‍යතා පරීක්‍ෂණය පැවැත්වෙන දිනය හා ස්ථානය ජාතික පුවත්පත් මගින් දැනුම්දේ. යෝග්‍යතා පරීක්‍ෂණය සිංහල, ඉංග්‍රීසි හා දමිළ භාෂා වලින් ඉදිරිපත් කෙරේ.
වැදගත්: සියළු අයැදුම්කරුවන් පරීක්‍ෂණයට විනාඩි 15 කට කලින් විභාග පරිශ්‍රයේ පෙනීසිටිය යුතුය.

පාඨමාලා ගාස්තුව

සලීට් තොරතුරු තාක්ෂණ පදනම් සහතිකය (වාර 3 – වර්ෂ 1)

අධ්‍යයන වාර ආරම්භයට පෙර ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව රු. 80’000.00 (පෙළ පොත්, විභාග, පරිඝණක විද්‍යාගාර භාවිතය ඇතුළු)

පාඨමාලා ආරම්භයට පෙර ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව රු. 10’000.00

*ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා ගාස්තු හා අවසන් වසරේ අධ්‍යයන ගාස්තු වර්ෂය අනුව වෙනස්වනසුළු බව කරුණාවෙන් සලකන්න.

වැදගත්: ජාතිය ගොඩනැඟීමේ බදු 2% එකතු වනු ඇත.

ඉල්ලුම් කළ යුතු ආකාරය

  • මෙතනින් යෝග්‍යතා පරීක්‍ෂණ අයැදුම්පත බහාගන්න. තොරතුරු තාක්‍ෂණ පදනම් සහතිකය සඳහා අපේක්‍ෂකයින් තම අයැදුම්පත ඍජුව ස්ලීට් කම්පියුටින් කරා එවිය යුතුවේ.
  • යෝග්‍යතා පරීක්‍ෂණය හා සැකසුම් ගාස්තු ලෙස අපේක්‍ෂකයින් රු. 1’000.00ක මුදලක් ගෙවිය යුතුය.
  • මෙම ගාස්තුව ගෙවිය යුත්තේ “SLIIT Computing (Pvt) Ltd” ජංගම ගිණුම් අංක 1630619 ලංකා බැංකු කොල්ලුපිටිය ශාඛාවේ හෝ සම්පත් බැංකු කොල්ලුපිටිය ශාඛාවේ ගිණුම් අංක 013410001688 වෙතයි.
  • නිසියාකාරව සම්පූර්ණ කරනලද අයැදුම්පත හා සලීට් කම්පියුටින් සඳහා බැංකු කුවිතාන්සිය එවිය යුත්තේ:

 

සීමාසහිත සලීට් කම්පියුටින් (පුද්ගලික) සමාගම

13 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ

28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3

ශ්‍රී ලංකාව

 

ක්‍ෂණික ඇමතුම්: 0772 665555

දුරකථන:  0117 54 3600

 

දැන්ම අයැදුම්කර ඔබේ ආසනය වෙන්කරගන්න. මෙම වැඩසටහන සඳහා සීමිත ආසන ගණනක් ඇත.

දැන්ම අයැදුම්කරන්න