fbpx

මානව සම්පත් කළමනාකරණ විද්‍යාවේදී (ගෞරව) උපාධිය - බෙඩ්ෆර්ඩ්ශයර් විශ්වවිද්‍යාලය - උපාධි ඉහල නැංවීම

බඳවාගැනීම්:
ජනවාරි පෙබරවාරි / සැප්තැම්බර් ඔක්තෝබර්
කාලසීමාව:
වර්ෂ 1

මෙම බෙඩ්ෆර්ඩ්ශයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පාසල තාත්වික ව්‍යාපාර ක්‍රියා සමඟ ශාස්ත්‍රීය පර්යේෂණ හා ඉගෙනුමට, නව්ය ප්‍රවේශයන් ගෙන ඒමට විශේෂිතය. ඔබගේ ඉගෙනුම් අත්දැකීමේ ‘හදවත’ වන්නේ මෙහි පුහුණු වීමට ඇති දැඩි ප්‍රවේශයයි. එනම් ඔබ ප්‍රායෝගික අත්දැකීම් න්‍යාය පිළිබඳ අවබෝධයක් ඇතුව ශ්‍රාස්ත්‍රාලීය ව්‍යාපාර කළමනාකරණ කාර්ය දන්වා සාධනය කර වැඩි දියුණු කරන අතර, වර්ධනය වේ.

ආයතනය

බෙඩ්ෆෝඩ්ෂර් විශ්ව විද්‍යාලය ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දීමෙන් වසර 100කට අධික ප්‍රවීණත්වයක් ඇති සුවිශේෂි නවීන විශ්ව විද්‍යාලයකි. එහි ඉගෙනුම ලබන සෑම සිසුවෙකුම අධ්‍යාපනයෙන්, වෘත්තිමය වශයෙන් මෙන්ම ලෝක ව්‍යාප්ත ව්‍යවසායික පුරවැසියන් වන තරමට එයින් පෝෂණය ලබන්නේය. විශ්ව විද්‍යාලය සිසුන්ගේ ජීවිතයේ සෑම පැත්තකට සහය දක්වමින් අධ්‍යාපනයට මුල්තැන දීම සඳහා සිසුන් උනන්දු කරයි.

 

බෙඩ්‍ෆෝඩ්ෂර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම

  • රටවල් 100කට අධික ප්‍රමාණයකින් සිසුන් 24,000කට අධික ප්‍රමාණයක්
  • අන්තර්ජාතික හා බහු සංස්කෘතික අධ්‍යයන සමාජයන්
  • චීනය. මැද පෙරදිග, යුරෝපය හා දකුණු පෙරදිග ආසියාහි අධ්‍යාපන හවුල්කරුවන්
  • චීනය හා වියෙට්නාමයෙහි ඇති ගිම්හාන පාසැල් මගින් විදේශයේ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාවන්

පසුගිය වසරේ අධ්‍යාපනය නිමා කළ බෙඩ්ෆෝඩ්ෂර් සිසුන්ගෙන් 92%ක්ගෙන් එක්කෝ රැකියා සොයා ගත ඇති අතර අනෙක් අය කවදුරටත් අධ්‍යාපනය හැදෑරීම මෙතෙක් විශ්ව විද්‍යාලය ලද උසස්ම ලකුණයි – (2013 කරන ලද සමීක්ෂණයක් අනුව උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව යන්නන් (DLHE)

තවද 2013 එම සමීක්ෂණයට අනුව ගිය වසරේ අධ්‍යාපනය නිමා කර පිටත් වූ බෙඩ්ෆෝඩ්ෂර් සිසුන්ගෙන් උපාධිධාරි වෘත්තියන් – වෘත්තීමය හා කළමනාකාර තනතුරු දරන පිරිස 8% සිට 73.5% දක්වා වර්ධනය වී ඇත.

පිවිසුම් අවශ්‍යතා

  • ජාතික උසස් ඩිප්ලෝමා පාඨමාලාව / උසස් ඩිප්ලෝමා පාඨමාලාව හෝ ඒ හා සමාන සුදුසුකම
  • SLIIT / NIBM / NSBM / ICBT / ACBT / APIIT දෙවන වසර නිමා වීමේදී.
  • CIM / CIMA කළමනාකාර මට්ටම

කාලසීමාව

වසරක උපාධි ඉහළ නැංවීම. වැඩසටහන සිසුන් බහුතරයකගේ කැමැත්ත මත රඳා පවතින බැවින් එය සතියේ දිනවල හෝ සතිඅන්තයේදී විය හැකි.

වැඩසටහන් ව්‍යූහය

මෙම වැඩසටහන සඳහා ඒකක තුළින් අවධානය යොමුකරන්නේ ව්‍යාපාර න්‍යායන් වර්තමාන හා නූතන රැකියා ස්ථානයේ අදාළවන අයුරු එළිදක්වයි. මෙහි වැඩසටහන් ඒකක තුළින් ඔබට අධ්‍යාපනික හා වෘත්තීය යන දෙඅංශයෙන්ම, ඔබට හොඳම අවස්ථා ලබාදීමට අරමුණු කරයි.

  • මානව සම්පත් සහ ගොඩනැගීම
  • වෘත්තීමය සම්බන්ධතා, ප්‍රකිඵල හා නීතිය
  • මානව සම්පත් උපාය සන්දර්භය
  • උපායන් හා නිර්මාණශීලිත්වය
  • වෘත්තීමය මානව සම්පත් කළමනාකරණය හා මානව සම්පත් සංවර්ධනය‍ ගොඩනැගීම
  • මානව සම්පත් කළමනාකරණ නිබන්ධන
  • ප්‍රායෝගික සතිය – අනාගත ඔබ

තව දුරටත් අධ්‍යයනය

මෙම ශාස්ත්‍රවේදී (ගෞරව) මානව සම්පත් කළමනාකරණය සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට එක් අවුරුදු පශ්චාත් උපාධි වැඩසටහනට ඊළඟට එළඹිය හැක: එනම්, සලීට් ආයතනය මඟින් පවත්වනු එක්සත් රාජධානියේ කීල් විශ්ව විද්‍යාලය විසින් ව්‍යාපෘති කළමනාකරණ MSc ඉහළ උපාධි වැඩසටහන. නැතහොත් ඔබට මානව සම්පත් කළමනාකරණය හෝ වෙනත් ව්‍යාපාර හා සම්බන්ධ උපාධි මඟින් ඔබේ අධ්‍යයනය නොකඩවාම කිරීමටද හැකියාවක් ඇත.

පාඨමාලා ගාස්තු

දේශීය ගාස්තුව: පසුව දන්වනු ලැබේ
විශ්ව විද්‍යායාලයීය හිමිකාරභාග ගෙවීමේ ගාස්තු: බ්‍රිතාන්‍ය පවුම් 700 (2016/2017 බඳවාගැනීම්)
** ගෙවීම් වලට නියමිත කාලසීමාවන් අධ්‍යයන කටයුතු අංශය විසින් ප්‍රකාශ කරනු ඇත.
*මෙම ගාස්තු කාලීනව සංශෝදනය වීමට ඉඩ ඇත.

රැකියා අවස්ථා

ඔබ සියලු දැනුම හා අත්දැකීම් සමග විවිධ මානව සම්පත් වෘත්තීය ලෙස ආරම්භ කිරීමට හෝ සංවිධාන සම්බන්ධ භූමිකාව සඳහා ස්වයං-සන්නද්ධ වනු ඇත. ඒ හා සමානවම, ඔබේ දක්‍ෂතා තවත් කාර්යභාරයන් රැසක් තුළ විශිෂ්ටත්වය විදහාපෑමට ඔබට නිසැකවම හැකිවනු ඇත.

අයැදුම් කළයුතු ආකාරය

උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තමන්ගේ යාවත්කාලීන යෝග්‍යතා විස්තරය සමඟ සියලු අධ්‍යයන සමග ඔවුන්ගේ විෂය ධාරාව යොමු කළ යුතුයි computing@sliit.lk email. වැඩිපුර තොරතුරු සඳහා විමසන්න: 0773550660, 0777636067 or 0117543600

දැන්ම අයැදුම්කර ඔබේ ආසනය වෙන්කරගන්න. මෙම වැඩසටහන සඳහා සීමිත ආසන ගණනක් ඇත.

දැන්ම අයැදුම්කරන්න