fbpx

මහාචාර්‍ය ලක්ෂ්මන් එල්. රත්නායක

මහාචාර්‍ය ලක්ෂ්මන් එල්. රත්නායක

සභාපති

මහාචාර්‍ය ලක්ෂ්මන් එල්. රත්නායක මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයට වසර 40 කට වඩා වැඩි අත්දැකීම් ගෙන එන අතර මේ වන විට ඔහු ස්ලීට් (SLIIT) ආයතනයේ සභාපති ධූරය දරයි. ඔහු ජාතික පර්යේෂණ සභාව හා ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂක මණ්ඩල වලද සාමාජිකයෙකි. මහාචාර්‍ය රත්නායක දැනටත් කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ අනුබද්ධ මහාචාර්‍ය වන අතර කලින් අමෙරිකා එක්සත් ජනපදයේ යූටා රාජ්‍ය විශ්ව විදුහලේ අනුබද්ධ සම මහාචාර්‍ය ලෙසද කටයුතු කළේය.

ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති වූ අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ප්‍රධාන පීඨාධිපති හා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඔහු විසිඑක් වන සියවස වෙනුවෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක (HETC) ලෙස සේවය කළ අතර ලෝක බැංකුවේ IRQUE ව්‍යාපෘති අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ලෙස ක්‍රියාකළේය.

තවද, මහාචාර්‍ය ලක්ෂ්මන් එල්. රත්නායක ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හා ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනයේ සභාපති වශයෙන්ද, කටයුතු කළේය.